සුදු මලක්
නමක් දී නැති
සුවඳ නිම් නැති
සුදු මලක් පිපිලා අම්මේ-
සුදු මලක් පිපිලා
ඔබ සොහොන් ගැබ හදේ
හෙමින් විනිවිද නැගී
කොහොම පිපුණද මේ වියළි
පොළොවේ
සිව් දෙනාටම දූ පුතුන්
ඔබෙ
ආදරේ වග කියන්නටදෝ
සිව් පෙති දරා
සිව් දිසා සුවඳින්
පුරන්නේ-
සිව් මංසලෙන් හැරිලා එදා
අපි
ගව් ගණන් දුර ජීවිතේ
දරු පැටව් උර දරා ගිය මඟ
ඔබ තනි වූණා ගෙයි
පැල්පතේ

Comments
Post a Comment