සුදු මලක් නමක් දී නැති සුවඳ නිම් නැති සුදු මලක් පිපිලා අම්මේ- සුදු මලක් පිපිලා ඔබ සොහොන් ගැබ හදේ හෙමින් විනිවිද නැගී කොහොම පිපුණද මේ වියළි පොළොවේ සිව් දෙනාටම දූ පුතුන් ඔබෙ ආදරේ වග කියන්නටදෝ සිව් පෙති දරා සිව් දිසා සුවඳින් පුරන්නේ- සිව් මංසලෙන් හැරිලා එදා අපි ගව් ගණන් දුර ජීවිතේ දරු පැටව් උර දරා ගිය මඟ ඔබ තනි වූණා ගෙයි පැල්පතේ නිමල් උඩගෙදර