Posts

Showing posts from December, 2019

සකි

සකි සෙවනැල්ලක් වගේ ඔබ මා   පසුපස්සේ දිවියේ අඩක් ලෙස රැඳුනයි හිත   අස්සේ ලාබෝ අලාබෝ ළඟ බිරිඳත්      ගැස්සේ එනමුදු නිහඬවම ඔබ අග හිග   වැස්සේ රෝහල බසය බැංකුව ළඟ     තෙරපෙද්දී  ඔබ හිරවෙලා උන්නා නොබැනම     උරදී පැතුමන් පොදි ලෙහීවිසිරී             පැරදෙද්දී   ඔබ පමණකිය ආවේ පසුපස            ඇද්දී කුස්සියෙ අඩු පාඩු ලියවුණ         ලැයිස්තුව අම්මගෙ බෙහෙත් සින්නක්කර     සීට්ටුව පොඩි පැටවුන්ගෙ දුප්පත් අයැදුම් ගොනුව ඔබ සන්නතකව තිබුණා බෝ කල්   නතුව පඩිපත ලැබෙන දා මල් මල්           හිනාවයි දහසක් යෝජනා දුන්හිඳ වී            ගැලුවයි දවසෙන් දෙකෙන් මොනරුන් ඉගිලෙනු සත්තයි එනමුදු ඔබ ම  හිත ළඟ...

චූං පාන් සහ කන් කොටා

1 චූං පාන් සහ කන් කොටා පට්ට අව්වක් අද හැලෙමින් තිබුණත් මම ලවක් දෙවක් නැතිව දුවගෙන ගියේ චූං පාන් ලොරිය මඟෑරෙයි කියන බයට. දැනටමත් කොච්චර දුරක් පන්නාගෙන ආව ද කියලා මට ම නිනව්වක් නෑ. හතර ගාතෙම රිදුනත් චූං පාන් ලොරියෙන් ගලාගෙන ආපු බුදු සුවඳ ගමනට මාර හයියක්! මිනිස්සු කියනවලු කතාව ගමනට දෝළාවක් ද මොකක් ද කියලා. පාර දෙපැත්තෙ ඉන්න මාර සෙනග එක්ක මට නම් අහවල් කතා ද ? උන් නොදැක්ක ගානට දුවන එක ශරීර කූඩුවට සැපයි. ඒත් ඉතිං නිකම්ම දුවනකොට ඇඟට මහන්සිය වැඩියි. ඒක හින්දා ආතල් කල්පනාවක් දාගත්තොත් හොඳයි. ඒ හැම මොහොතකම මට සිහියට එන්නෙ මගෙ පළමු පෙම්වතී. තප්පර ගාණක් තරම් කෙටි ඒ ප්රේ.ම කතාවේ නිමාව බොහොම අමිහිරි මතකයක්. ඒ හින්දා ඒකෙන් ගමනට හයියක් ලැබෙන්නෙ නෑ ඒත් මගෙ අම්මා ගැන මතකය මට හරිම මිහිරියි. “ තෝ බොල , වල් බල්ලෙක්වත් හොරිකඩ බල්ලෙක්වත් නෙවෙයි........... ඔය ජාතියක් ජම්මයක් නැති අවලං බලු කුරුට්ටො එක්ක නඩලං ගහලා ආයෙ අහු උනොත් එහෙම උඹේ ඇඟ බරු ගහනවා ඕං........” යාන්තම් හය හතර තේරෙද්දි අහළ පහළ උන් එක්කලා සෙල්ලමට යන එකට මයෙ අම්මා ආඩපාලි ගැහුවෙ එහෙමයි. තමන්ගෙ කෑගැහිල්ල සැර වැඩියි කියලා උන්දෑටම හිතිල ද කො...
එතුර අන් තුරුවලට ඉහළින් නැඟුණු ඒ මහ තුර වනගැබට ඉහළින් එක පැහැර දිව එන සැඩ උඩු සුළඟට එකලාව මුහුණ දෙන සහෝදර තුරු හිස් හා සම සමව ඉඳ සුව පහස නොවිඳ ම සැඩ හිරු කිරණ වලඳන වන රුප්පාව තුළටම කොටු නොකර මල් සුවඳ වන ගලෙන් එපිට යවනට නිබඳ වෙහෙසෙන අසිරිය වන ගලෙහි මං මුලා වූවනට නිසි මඟ දකින්නට ඔබ හිසම නොවෙ ද පිළිසරණ  ( නෙලුඹු ඇට කාව්‍ය සංග්‍රහය- නිමල් උඩගෙදර)

මේ කෙටි කතාව ගැන අදහසක් දක්වන්නේ නම් මැනවි

=====  චූං පාන් සහ කන් කොටා======= පට්ට අව්වක් අද හැලෙමින් තිබුණත් මම ලවක් දෙවක් නැතිව දුවගෙන ගියේ චූං පාන් ලොරිය මඟෑරෙයි කියන බයට. දැනටමත් කොච්චර දුරක් පන්නාගෙන ආව ද කියලා මට ම නිනව්වක් නෑ. හතර ගාතෙම රිදුනත් චූං පාන් ලොරියෙන් ගලාගෙන ආපු බුදු සුවඳ ගමනට මාර හයියක්! මිනිස්සු කියනවලු කතාව ගමනට දෝළාවක් ද මොකක් ද කියලා. පාර දෙපැත්තෙ ඉන්න මාර සෙනග එක්ක මට නම් අහවල් කතා ද ? උන් නොදැක්ක ගානට දුවන එක ශරීර කූඩුවට සැපයි. ඒත් ඉතිං නිකම්ම දුවනකොට ඇඟට මහන්සිය වැඩියි. ඒක හින්දා ආතල් කල්පනාවක් දාගත්තොත් හොඳයි. ඒ හැම මොහොතකම මට සිහියට එන්නෙ මගෙ පළමු පෙම්වතී. තප්පර ගාණක් තරම් කෙටි ඒ ප්රේ.ම කතාවේ නිමාව බොහොම අමිහිරි මතකයක්. ඒ හින්දා ඒකෙන් ගමනට හයියක් ලැබෙන්නෙ නෑ ඒත් මගෙ අම්මා ගැන මතකය මට හරිම මිහිරියි. “ තෝ බොල , වල් බල්ලෙක්වත් හොරිකඩ බල්ලෙක්වත් නෙවෙයි........... ඔය ජාතියක් ජම්මයක් නැති අවලං බලු කුරුට්ටො එක්ක නඩලං ගහලා ආයෙ අහු උනොත් එහෙම උඹේ ඇඟ බරු ගහනවා ඕං........” යාන්තම් හය හතර තේරෙද්දි අහළ පහළ උන් එක්කලා සෙල්ලමට යන එකට මයෙ අම්මා ආඩපාලි ගැහුවෙ එහෙමයි. තමන්ගෙ කෑගැහිල්ල සැර වැඩියි කියලා උන්දෑට...