එතුර


අන් තුරුවලට ඉහළින්
නැඟුණු ඒ මහ තුර
වනගැබට ඉහළින්
එක පැහැර දිව එන
සැඩ උඩු සුළඟට
එකලාව මුහුණ දෙන
සහෝදර තුරු හිස් හා
සම සමව ඉඳ
සුව පහස නොවිඳ ම
සැඩ හිරු කිරණ වලඳන
වන රුප්පාව තුළටම
කොටු නොකර මල් සුවඳ
වන ගලෙන් එපිට යවනට
නිබඳ වෙහෙසෙන අසිරිය
වන ගලෙහි මං මුලා වූවනට
නිසි මඟ දකින්නට
ඔබ හිසම නොවෙ ද පිළිසරණ 
( නෙලුඹු ඇට කාව්‍ය සංග්‍රහය- නිමල් උඩගෙදර)


Comments