මේ කෙටි කතාව ගැන අදහසක් දක්වන්නේ නම් මැනවි
===== චූං පාන් සහ කන් කොටා=======
පට්ට අව්වක් අද හැලෙමින් තිබුණත් මම ලවක් දෙවක් නැතිව දුවගෙන ගියේ චූං පාන් ලොරිය මඟෑරෙයි කියන බයට. දැනටමත් කොච්චර දුරක් පන්නාගෙන ආව ද කියලා මට ම නිනව්වක් නෑ. හතර ගාතෙම රිදුනත් චූං පාන් ලොරියෙන් ගලාගෙන ආපු බුදු සුවඳ ගමනට මාර හයියක්!
මිනිස්සු කියනවලු කතාව ගමනට දෝළාවක් ද මොකක් ද කියලා. පාර දෙපැත්තෙ ඉන්න මාර සෙනග එක්ක මට නම් අහවල් කතා ද? උන් නොදැක්ක ගානට දුවන එක ශරීර කූඩුවට සැපයි. ඒත් ඉතිං නිකම්ම දුවනකොට ඇඟට මහන්සිය වැඩියි. ඒක හින්දා ආතල් කල්පනාවක් දාගත්තොත් හොඳයි. ඒ හැම මොහොතකම මට සිහියට එන්නෙ මගෙ පළමු පෙම්වතී. තප්පර ගාණක් තරම් කෙටි ඒ ප්රේ.ම කතාවේ නිමාව බොහොම අමිහිරි මතකයක්. ඒ හින්දා ඒකෙන් ගමනට හයියක් ලැබෙන්නෙ නෑ
ඒත් මගෙ අම්මා ගැන මතකය මට හරිම මිහිරියි.
“තෝ බොල, වල් බල්ලෙක්වත් හොරිකඩ බල්ලෙක්වත් නෙවෙයි........... ඔය ජාතියක් ජම්මයක් නැති අවලං බලු කුරුට්ටො එක්ක නඩලං ගහලා ආයෙ අහු උනොත් එහෙම උඹේ ඇඟ බරු ගහනවා ඕං........”
යාන්තම් හය හතර තේරෙද්දි අහළ පහළ උන් එක්කලා සෙල්ලමට යන එකට මයෙ අම්මා ආඩපාලි ගැහුවෙ එහෙමයි. තමන්ගෙ කෑගැහිල්ල සැර වැඩියි කියලා උන්දෑටම හිතිල ද කොහේදෝ මට ආයෙමත් ලෙන්ගතුකමින් කතා කරනවා.
“නෑ මයෙ පුතේ, උඹ ඉහළ පැලැන්තියේ එකෙක්........... හප්පේ බලන්ඩ එපැයි උඹේ අප්පගෙ උජාරුව. එහෙව් එකෙක් මේ සම්මජ්ජාතියට දැකලා නෑ.....” එහෙම කියනකොට අම්මගේ ඇස් දෙක උජාරුවෙන් දිස්නෙ ගහනවා. උන්දෑ කතාව කිය කියා හීන්සැරේ මගෙ ඇඟ ලෙව කනවා. ඔය කතාව උන්දෑ මට කන් දෙක පිරෙන තරමට කියලා ඇති.
මං උන්දැගෙ එකම පුතාලු. අම්මා කියන විදිහට ඒ පලාතෙම හිටිය හැඩකාරී උන්දෑලු. වල් බල්ලොයි හොරිකඩ බල්ලොයි උන්දැ පස්සෙ වහ වැටිලා එනකොට තමයි අප්පච්චි මුලිච්චි වෙලා තියෙන්නේ.
“මයෙ පුතේ, ඒක නම් පුදුමාකාර මුලිච්චි වීමක්....... උඹේ අප්පා එකපාරට ම බංගලාවක දොරකඩින් එළියට ආවේ උජාරු ලීලාවෙන්. උන්දෑ මාව දැක්කා විතරයි දපනෙ වැටුණා. තේජවන්ත බැල්මක් හෙලලා මං වටේ හිටිය බලු රංචුවට එකම එක ගෙරවිල්ලයි පෑවේ. උන් ආතක් පාතක් නැතිව ඉහ හැරුන හැරුන අතේ පණ කඩාගෙන දිව්වා..........” ඒත් මයෙ අම්මට අප්පච්චිත් එක්ක වැඩි වේලාවක් පයරු පාසානම් පාන්ඩ ඉඩ ලැබිලා නෑ. බංගලාවෙන් මතු උන හිතක් පපුවක් නැති මිනිහෙක් අම්මගෙ පිට මැදට පොලු පාරක් පතබාලා අප්පච්චිව ඇදගෙන යන්ඩ ගියාලු.
හුප් ! යකෝ මාර බ්රේක් පාරක්නෙ. තව පොඩ්ඩෙන් මගෙ හොම්බත් තැලෙනවා. චූං පාන් ලොරිය නතර උනා. මං ටිකක් දුරින් ඇන බා ගත්තා. චූං පාන් ලොරිය වටේට සෙනඟ පිරුණා. මුදලාලි මල් මල් හිනාවක් දාගෙන පිටිපස්සට ඇවිත් ලොරියෙ දොර ඇරියා. “ෂාආආ......! පාන්,බනිස්, පැටිස්, රෝල්ස්......... මාර කෑම ජාති ගොඩක්.......... හප්පේ සුවඳ!......” හැමෝම තෝර තෝර ගන්නවා.
“පැටිස් කීය ද?”
“පාන් රාත්තල් දෙකක් දෙන්න.......”
“මට රෝල්ස් පහක්.........”
“මාරු සල්ලි නැද්ද?”
“එහෙමනන්........ තව පැටිස් දෙකකුත් දාන්ඩ.........”
“මාළු පාන් කොහොම ද?”
“දැන් මේ දාපුවා”
කෑම දකිනකොට කටට කෙළ උනනවා. බඩගින්න වැඩිවෙනවා. මේන් ඒ ගමන තව බලු නට්ටෙක් එනවා හුහ්! ඌ මාව දැක්ක විතරයි ආං නැට්ට ගහගෙන මාරු වෙනවා.
“මුදලාලි මට දෙන්න කිඹුලා බනිස් දෙකක්.......”
“ආඃ! වැටුණා ”
කිඹුලෙක් පාරට වැටිලා ! මගෙ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙන්ඩ ගත්තා. බිම වැටිච්චි දේවල් මිනිස්සු කන්නෙ නෑ.කවුරුවත් දැක්කෙ නැත්නම් මුදලාලි හෙමිහිට කිඹුලා ඇහිඳලා වැලි ගසා බසා දාලා රාක්කෙට දා ගන්නවා. ඒත් දැන් මිනිස්සු ඉන්න හින්දා ඒක කරන්ඩ බෑ. දැන් කිඹුලා අයිති මට..... මට..... මට......! මෙච්චර දුරක් ආවට පාඩුවක් නෑ. බස බස ගාලා කිඹුලා ගිල දාලා අර වළෙන් “චව්” “චව්” ගාලා වතුර බීගෙන බීගෙන යන්ඩ දැන් ඉතිං මට පුලුවන්. චූං පාන් ලොරිය සංගීත තාලෙට නැලවි නැලවි ඉස්සරහට ගියා. කෑම අතට ගත්තු මිනිස්සු එහාට මෙහාට උනා. මං ඒ සේරම දැක්කේ ඇස් කොන් වලින්. මොකද මගෙ ඇස් එහෙම්පිටින් ම ඇලවිලා තිබුණෙ කිඹුලා බනිස් ගෙඩියේ. මං හෙමිහිට වට පිට බැලුවේ ඒ ටිකට කවුරුහරි කිඹුලව ඩැහැගනියි කියන බයට. එතකොට තමයි මං දැක්කේ හොටු නාවර පෙරාගත්තු පුංචි කෙල්ලක් ගිජු බැල්මෙන් කිඹුලා දිහා බලාගෙන ඉන්නවා. තව මොහොතක් සුනංගු උනොත් ඔක්කොම අහවරයි කියලා මගේ බලු ඉවට දැනුනා. මං එකපාරට ම පළමු පිම්ම පැන්නා. දෙවන පිම්මටත් කලින් කිඹුලත් එක්ක කෙල්ල අතුරුදහන් උනා. අනේ සුනඛ දෙවි හාමුදුරුවනේ......... මං කොච්චර පව්කාරයෙක් ද? බිමට වැටිච්ච දේ කටට දාගන්ඩ වාසනාව නැති උනා. මං ඈත පාර දිහා බැලුවා. චූං පාන් ලොරිය ඈත හන්දියකින් හැරී නොපෙනී ගියා. පුලුවන් දහිරිය දාලා මං පාර දිගේ දිව්වා....... දිව්වා......... දිව්වා..........! ඉව කර කර දිව්වා. හප්පේ ඇති අන්තිමේට මේං චූං පාන් ලොරිය. ආයෙමත් ලතාවට කලාවට මං චූං පාන් සුවඳ පස්සේ වැටුණා.
අපෙ අම්මට මං ඉපදුනාට පස්සෙ වාසනාව පෑදුනාලු. බෝක්කුවක් යටදී උපන්නත් මගේ පන්තිය බොහෝම ඉහළ එකක් කියලා අම්මා හැම නිතරම කිව්වා. “උඹත් පුතේ........ අප්පගෙ කපාපු පලුවක් වගේ” අම්මා හැම නිතරම කිව්වා. ඒ විතරක් නෙමෙයි. අපේ අම්මා බලු ජීවිතය ගැනත් මට කරුණු කාරණා කියා දුන්නා. අම්මා තමන්ගේ අවබෝදේ හැටියට බල්ලෝ කොටස් තුනකට බෙදුවා. වැදගත්ම පිරිස ඉන්නෙ ඉහළ කාණ්ඩෙ. එයාලා බොහොම උසස්. වංශවත්. හොඳ පිඟන් කෝප්පවලලු කන්නෙ බොන්නෙ. සැප ඇඳන් පුටුවලලු නිදාගන්නෙ. ඇඟට සනීපේ ඇති කරන බොහොම වටිනා බෙහෙත් වර්ග එයාලට දෙනවලු. එයාලා කිසිම මහන්සියක් නැතිව කකා බිබී බංගලා ඇතුළට වෙලා ඉන්නලු කැමති. ඒත් ඒ වර්ගෙ වංශවත් බල්ලෝ ඉන්නෙ බොහොම ටිකයිලු.
ඊළඟට ඉන්නෙ දෙවන පැලැන්තියෙ බල්ලෝ. එයාලා ඉන්නෙ සාමාන්ය් ගෙවල්වලලු. එයාලට කෑම ලැබෙන්නෙ ගේ පිටිපස්සෙ තියෙන ලෑල්ලක් වගේ එහෙකටලු. උන් නිදන්නේ ගෙදර වටේ, මිදුලේ කොතන හරි වකුටු වෙලාලු.
ඊළඟ පහළ පන්තියේ බල්ලෝ. උන් ඉන්නෙ මහ පාරේ. වල්බල්ලෝ හොරිකඩ බල්ලෝ අබ්බගාත බල්ලෝ කැහැටු බල්ලෝ පිස්සු බල්ලෝ වගේ කට්ටියලු උන් අතර ඉන්නෙ. “අම්මෙ එතකොට මං මොන පන්තියේ ද?............” මං එහෙම අහනකොට අම්මට නහුතෙට තද වෙනවා. “ඈ.......... බොල........... උඹ ඉහළ පන්තියේ එකෙක් කියලා මං කොච්චර කියනව ද....... හරියට අප්පගෙ කපාපු පලුව වගේ........ හප්පේ උන්දගෙ උජාරුව........” “එතකොට අම්මෙ ඇයි අපි බෝක්කුවක් යට ඉන්නේ..........” එහෙම අහනකොට අම්මා අහක බලාගන්නවා. සුසුමක් හෙලලා මෙහෙම කියනවා. “ඉවසලා හිටහං පුතේ....... උඹටත් ළඟදිම හොඳ තැනක් ලැබෙයි........” කිව්වත් වගේමයි. දවසක් දා මනුස්සයෙක් මාව දැකලා එයාලගෙ ගෙදර එක්කරගෙන ගියා. “අම්මා පෙන්ද වන වනා කෙඳිරි ගගා අපි පස්සෙ වැටුණා.........” “ආ.......... උඹත් එනවද ඒ ගමන.......හා.....හා වරෙන්. වරෙන්. පැටියා තාමත් කිරිත් බොනව ඇතිනෙ.........” අපි ඔන්න ඔය විදියටයි අලුත් නවාතැනකට සේන්දු උනේ.
“අම්මෙ....... මෙන්න අපේ තාත්ති ලස්සන කුක්කෙක් ගෙනත්........”
“කෙහෙන්ද අනේ මෙයා ගත්තේ....... කීයක් උනාද?”
“සල්ලිවලට නෙමෙයි.......... බෝක්කුව යටින්.......”
“බොරු කියන්ඩ එපා........ මෙයා වටිනා පැට්ටෙක්....... මොකක්ද වර්ගෙ?......”
“වර්ගෙ ඉතිං වල් ඇල්ටේෂන් හෙවත් වල්ටේෂන්......”
“ඒ කිව්වේ........”
“ඉහළ පන්තියේ සුනඛයෙකුට දාව පහළ පන්තියේ බැල්ලියකගෙන් ජනිත වූ පැටවෙක්..........”
එයාලා අම්මට හොඳට කන්ඩ බොන්ඩ දුන්න හින්දා මට කිරි ටික යහමින් ලැබිලා ආරලා ආවා. මං කිරි වරන කොට ඒ ගෙදර හොඳ ම සුරතලා මං. ඒත් ඊට පස්සේ එයාලා අම්මව පන්නලා දැම්මේ එයාලගෙ භාෂාවෙන්ම කියනවනම් අන්තිම “බලු විදිහට”. එහෙම උනත් එයාලා මට හොඳට සැලකුවා. නෑව්වා. කැව්වා. පෙව්වා. සුරතල් කළා. ඒ හින්දම අම්මා නැති දුක වේදනාව කාන්සිය මට ටික දොහකින් අමතක වෙලා ගියා. අන්තිමේට ඒක එයාලගෙ ගෙදර විතරක් නෙවෙයි මගෙත් ගෙදර උනා.
මෙන්න බොලේ ඒ ගමන හොරිකඩයෝ රෑනක්. චිඃ! හොරිකඩ ගඳ. සමහරු හම ගහපු කුකුල්ලු වගේ. මං දිහා පුදුමෙන් බලනවා. උන්ට ඊර්ෂ්යා ඇති මං ගැන. හොරිකඩයො ළඟ ඉන්ඩ හොඳ නෑ. ඔය කාලකණ්ණි ලෙඩේ බෝ උනොත් දකින දකින මිනිහා ගහලා එලවනවා. අරූ නම් මං දිහා බලන හැටි අල්ලන්නෙ නෑ. චූන් පාන් ලොරියත් නතර වුණා. අප්පට සිරි අන්න ඌ ඒ ගමන දත් විලිස්සලා ගොරවනවා. උගේ දත් දැක්කාම ඇඟ හිරි වැටෙනවා. හපෝයි ! දැන් මොකද කරන්නෙ. ඌ නම් පාතාලේ බල්ලෙක් වගේ. කකුල් දෙක අස්සෙ පෙන්ද ගහගෙන යටත් වෙනව ද? සටනට යනව ද?..... කොහේ සටන් කරන්ඩ ද?........ ඌත් එක්ක අර හොරිකඩයො රෑනත් එකතු උනොත් මං සුං! ගාත් දෙක අස්සෙ වලිගේ ගහගන්ඩ ඕනෑ........ චිඃ! ඒක මං වගෙ බල්ලෙකුට හොඳ නෑ. ආං....... ඒ ගමන ඌ චූං පාන් ලොරියෙ රෝදෙට අණ්ඩක් උස්සලා උගේ සීමාව ලකුණු කරනවා. දැන් මං ඉවරයි. මොන නම්බු ද? “නම්බුව බල්ලට ගියාවේ කියලා” මිනිස්සු කියන්නා වගේ ගහගන්නව නගුට වකුටු කරලා කකුල් අස්සෙ.
“බෑක්..........බෑක්.......බෑක්!”
“මේ වල් බල්ලො ඔක්කොම එනවනේ යකෝ මගෙ වාහනෙ සේවිස් කරන්ඩ. තුඃ ! වස ගඳ”මුදලාලි දුන්න නේද පාතාලයාගේ කොන්ද මැදට පොලු පාර. හොඳ වැඩේ! ආව මාව මට්ටු කරන්ඩ. හෙහ්....... හෙහ්.......... ආං දුවනවා ආතක් පාතක් නැතිව. දැන් ඉතිං රාජ ලීලාවෙන් ආයෙමත් නගුට උස්සා ගන්නම්කෝ. හරි........ අයෙමත් ඉතිං ගමනෙ....... ගමනේ........ ගමනෙ! බල්ලට ඇති වැඩකුත් නෑ..... හෙමිං ගමනකුත් නෑ. මිනිස්සු එහෙම කිව්වට අපිට කොච්චර නම් වැඩ තියෙනව ද? කෑම ටික හොයාගන්ඩ. කොච්චර දුවන්ඩෝනැද? ඒ විතරක් ද? ගහට ගලට මලට වළට මූත්රාව කරලා අපේ දේශසීමාව ලකුණු කර ගන්ඩම කොච්චර වෙලා යනව ද? දෙයියනේ....... අදනම් මට වාසියක් වෙන එකක් නැතිවෙයි ද? අර හොරිකඩයො වගේ පාරේ වාහනවලට අහුවෙලා චුරු පැනලා ඉන්න ගෙම්බො, කටුස්සො, ඌරු මීයෝ වගේ කෑම ටිකක් ගිල දාලා නිකම් හිටිය නම් මෙහෙම වදයක් නෑ. ඒත් ඒක මගෙ වංසෙට හරි නෑ.
මේ පැත්තට මං ජීවිතේට අඩිය ගහලා නෑ. දැන් කොච්චර දුර ආව ද? ආයෙත් කිඹුලෙක් වැටෙයි ද? දවසක් දා වගේ ගමන අවසානෙ මට පාන් ගෙඩියක් ලැබෙයි ද? දවසක් දා මං වක ගහගෙන පාර අයිනෙ නිදා උන්නෙ එච්චරම බඩගින්නකින් නෙවෙයි. ඊට පැය ගාණකට කලින් ගිල දාපු බලු කපුටු දානේ ගැන හීනයකුත් දකිමිනුයි මං උන්නේ. “චූං” සද්දෙත් දාගෙන ආපු පාන් ලොරිය එක පාරට ම මගෙ ශරීර කූඩුව ගාවින්ම ඉගිලුණා. මුලින්ම මං ලොරිය පස්සෙ පැන්නුවේ මාර තරහකින් බුරමින්. බලු කපුටු දානේ හයිය පෙන්නන්ඩත් එක්ක ටිකක් දුර පැන්නුවා. වාහනෙන් ආපු පට්ට සුවඳට මට ආයෙමත් බඩගිනි දැනෙන්ඩ ගත්තා.එදත් අද වගේම සෑහෙන දුරක් වාහනේ පස්සෙ දුවගෙන ගියා. අන්තිමේටම ලොරියේ ඉතිරි උන අන්තිම පාන් ගෙඩිය මුදලාලි මට දුන්නා. ඉතිං අදත් සුනඛ දේවතාවො මගේ මූණ බලයි. ඒත් දැන්නම් මට ඇඬෙන්නත් එනවා. මාර විදිහට ගාත් රිදෙන්නෙ. බඩගින්න ඉවසගන්ඩම බැරි ගානයි. අමාරුවෙන් හරි කල්පනාවක් දාගන්ඩෝනෑ. මොකක්ද මං කල්පනා කර කර ආවේ. හරි....... මතක් උනා. අපේ ගෙදර ඇත්තෝ ඒ කාලෙ මට හරිම ආදරෙයි. වැඩියෙන්ම ආදරේ සුරංගි.
“අම්මෙ අපි මෙයාට දාන නම මොකක් ද?” සුරංගි මගෙ ඔලුව එයාගෙ කම්මුලට තදකරගෙන අහනවා.
“අපි එයාට බ්ලැකී කියමු. එයා කළු පාටනෙ”
“හරි ෂෝයි! බ්ලැකී....... බ්ලැකී......බ්ලැකීඊඊඊඊ” සුරංගි මාව හුරතල් කරමින් ලතාවට කියෝනවා. මං ආරලා එනකොට එයාලා ගේ පිටිපස්සේ මට පුංචි ගේ පොඩ්ඩක් ගහලා දුන්නා. ඉහළ පැලැන්තියෙ බල්ලෙක් උනාම එහෙම තමයි. ඒත් ඒකේ අතපය වකුටු කරගෙන ඉන්න එක මට එපා උනත් හොඳට කන්ඩ බොන්ඩ ලැබුණා. මං සද්දෙට බුරනකොට මුළු පලාත ම දෙදරුම් කෑවා. එතකොට සුරංගිගෙ තාත්තා මං දිහා ආඩම්බරෙන් බලනවා.
“බල්නඩකො අපේ බ්ලැකියගේ සැර..... හොරුන්ට නම් මේ පැත්ත පලාතෙ එන්ඩ ලැබෙන්නේ නෑ........”
“ඉතිං අනේ හොරු ආවත් අපට මොක ද?”
“ඒ ඇයි”
“අපේ ගෙදර මොනවා හොරකම් කරන්නද එන හොරාටත් පාඩුයි”
“ඇයි ගෙදර තියෙන බඩු මුට්ටු”
සුරංගිගේ තාත්තාට තරහ ගිහින් වගේ
“අනේ ඔයාගේ ඔය කබල් බඩු මුට්ටු මොකා ගන්න ද....... හොරුන්ට ගන්නත් වොෂින් මැෂින්, ප්රි”ජ්, ලැප්ටොප් වගේ වටිනා දේවල් තියෙන්ඩ එපායැ!”
සුරංගිගේ අම්මාගේ කට අපේ කිසිම බැල්ලියෙකුගේ කටට පරාද නෑ.
“අනේ මගේ කට......... ඔහේ කැන්දන් එනකොට මට හම්බවුනානේ මහ ලොකු දෑවැද්දක්....... ”
ඔන්න ඉතිං සටන පටන් ගන්නවා. කෑ ගැහිලි, ඇඬිලි, දෙස් දෙවොල් තිබිලි, බඩු මුට්ටු පෙරලෙන සද්ද කෙළවරක් නෑ.
“ඔහේට පැල් කොටයක් අටව ගන්න තාම බැරි වුණා......... ගෙදර අයිතිකාරයාට මාස ගාණක කුලී ගෙවලා නෑ........... ඒ උනාට උජාරු කතාව.......... ”
“කට වහපන් බැල්ලියේ......... ”
චටාස් ! චටාස් !
“අම්මෝ මගේ කම්මුල මං උඹත් එක්කන් තවත් මේ ගෙදර ඉන්නේ නෑ” “පලයන් පලයන් මක බෑවිලා පලයන්” ඊට පස්සේ මාර නිශ්ශබ්දයක් හා පුංචි ඉකි බිඳුමක්. සුරංගිගේ තාත්තා කබල් මෝටර් සයිකලය අරගෙන මුළු පැත්තට ම සද්දෙ දාගෙන කොහෙදෝ යනවා.
ඔය සිද්ධිය ඉතිං නිතරම සිද්ධ වෙන හින්දා මට හොඳටෝම පුරුදුයි. ඒත් එතකොට මගේ හිතට වද දෙන කරුණු කාරණා දෙක තුනක් හැමදාම ඉතිරි වෙනවා. සුරංගිගේ අම්මාට “බැල්ලි” කියන්නේ ඇයි. එයා අපේ වර්ගේ කෙනෙක් නෙමෙයිනේ. මෙහෙම හිත හිතා ඉන්න කොට ඔන්න සුරංගි කඳුලු සල සලා මං ළඟට එනවා. තාත්තා බනින ඒවගේ සැර අම්ම පිට කරන්නේ සුරංගිගේ පිටින්ලු. එයා කඳුලු වක් කරමින් මගේ ඔළුව අතාගානකොට ඇත්තමයි මගේ බලු පපුව දාලා පත්තු වෙලා යනවා. මං එයාගේ අත් දෙකයි කකුල් දෙකයි ලෙව කන්නේ එයාගෙ දුක නිවෙන්ඩ. ඉතිං මගේ හිතට වද දෙන අනෙක් කාරණේ තමයි මගේ කෑම වේල. රණ්ඩුවක් උනාම එයාලා උයන්නේ නෑ. එතකොට ඉතිං මං බඩගින්නේ.
ඔය වගේ රණ්ඩුවක් දවසේ මගේ කූඩුවේ දොර ඇරලා තිබුණා. ඕනෑ කෙහෙම්මලක් කියලා මං එළියට පැනලා පාර පැත්තට ගෑටුවා. මාරයි ! ලස්සනම ලස්සන බලු ළමිස්සියක් මන් දිහාට එනවා. මගේ මුළු ඇඟම හිරි වැටිලා ගියා. එයා මන් දිහා ආශාවෙන් බැලුවා.එයාගෙ හොම්බ මගෙ හොම්බෙ අතුල්ලලා ‘‘කූං-කූං” ගෑවා.පිටිපස්සෙන් හොරිකඩ බලු රෑනක් එනවා. නෑ....... එයා අයිති මට. අම්මට අප්පච්චි මුණ ගැහුණ වෙලාව මට මතක් වුණා. මමත් හොරිකඩ බලු රෑනට මහා සද්දෙන් යුද්ධ ප්රබකාශ කළා. උන් ඔක්කොම ආපහු හැරිලා පණ කඩාගෙන දුවයි කියලා හිතුවත් උන් රොත්තම මගේ ඇඟට කඩාගෙන පැන්නා. බලු රොත්ත එක්ක මන් එක දිගට සටන් කළා. දත් පාරවල් වදිනවා. ලොම් ගැලවෙනවා. ගෙරවිලි ඇහෙනවා. නිය පාරවල් ඇඟ හිල් කරගෙන යනවා. එකම සටනක්. ඒ සටන අස්සෙ අර සුන්දරී බිම දිගා වෙලා. මන් දිහා ආදරෙන් බලන් ඉන්නවා. මට අලුත් දහිරියක් ලැබෙනවා. තව තව බල්ලෝ හතර වටින් කඩා හැලෙනවා. සටන ඉවර වෙලා බලනකොට සුන්දරී බලු තඩියෙක් එක්ක ඈතින් ඈතට යනවා. සමහර බල්ලෝ තැන තැන වැටිලා වේදනාවෙන් කෙඳිරි ගානවා. මං වැනි වැනී, විසි වෙවී ගෙදර දිහාට ගෑටුවා. මුළු ශරීරෙන්ම ලේ ගලනවා. කූඩුව ඇතුළට ගිහින් මං ඇදගෙන වැටුණා. දවස් කීපයකට පස්සේ තුවාල වේලුණා. ඒත් මට මගේ එක කණකින් බාගයක් අහිමි වෙලා. එදා පටන් සුරංගිගේ අම්මයි තාත්තයි මට කිව්වේ කං කොටා කියලා. සුරංගි විතරක් මට ඉස්සර වගේම ආදරෙන් බ්ලැකියා කියලා කිව්වා. මගේ තේජස අඩු වෙනකොට සැලකිලිත් අඩු වුණා. කූඩුවෙන් එළියට විසි වුණා. ගෙදර වටේ වැටුණ වැටුණ තැන නිදාගත්තා. හදිසියේම දවසක් එයාලා ගෙදර බඩු ඔක්කොම ලොකු ලොරියකට පටව ගත්තා.
“අනේ තාත්තේ බ්ලැකියත් අරන් යමු....... ”
“අනේ දුවේ කන්කොටා අරන් යන්ඩ තියා අපිට යන්ඩත් ඉඩ මදි. ”
“අනේ තාත්තේ.......!! ”
“මේ........ මූව අරන් යන්න ලැජ්ජා නැද්ද?....... අපි අලුතින් යන ගෙදර වටේටම ඉන්නේ ලොකු මිනිස්සු........ මේ නඟුටන් කණ කොටෙක් අරන් යන්න ලැජ්ජා නැද්ද. ” සුරංගිගේ මව අවසන් තීන්දුව දුන්නා.
“අනේ මගේ හොඳ බ්ලැකියෝ........ මට මට සමාවෙයං....... අපි යනවා....... මට උඹව දාලා යන්ඩ දුකයි....... ” ඈ මගෙන් සමුගත්තේ කඳුලු පිරුණු ඇසින්. මට මගේ උගුරු දණ්ඩ හිරවෙනවා වගේ දැණුනා.පහුවදා අලුතෙන් කට්ටියක් ඒ ගෙදරට ආවා. “මේන් හොරිකඩ බල්ලෙක්......... ” පළමු ගල් පහර මං ගාවට රූං ගාලා ආවේ දඩබ්බර කොල්ලෙක්ගේ අතින්. අලුත් ඇත්තෝ මාව පාරට පන්නලා දැම්මා.
දැන්නම් මට කැරකිල්ල වගේ.චූන් පාන් ලොරියේ කෑමත් ඉවරවේගෙන යනවා. මට කෑගහලා ඉල්ලන්න පුළුවන් නම් පාන් කෑල්ලක්. ඒත් මේ කාටවත් මගේ බඩගින්න දැනෙන්නේ නෑ. හොප් ! ඔන්න චූං පාන් ලොරිය නතර වුණා. අන්න මුදලාලි බැහැලා එනවා. “ඈ යකෝ......... උඹ මාර බල්ලෙක්නේ........ මුදලාලි මන් දිහා බලාගෙන ඉණට අත්දෙක තියාගෙන බලා හිටියා. එයාගේ මූණ හිනාවෙන් පිරිලා. කෑම ඔක්කොම ඉවර හින්දා වෙන්ඩැති. චූන් පාන් සද්දෙත් නතර වෙලා. මං එයා දිහා බලලා කකුලක් බාගෙට උස්සලා තබාගෙන ඔලුව ඇද කරලා පුළුවන් තරම් ආදරයෙන් නගුට වැණුවා. කෑම නැතත් හුඟ කාලෙකින් මනුස්ස පරාණයක් මං දිහා බලලා වචනයක් දෙකක් කතා කළ එකත් ලොකු දෙයක්.
“මේකා මන් පස්සේ වැටුණේ කොහෙන් ද?.......... ඉලුක්ගම නුගේ හන්දියෙන් නේද? මගෙ අම්මෝ කීලෝ මීටර් විස්සක් විතර........ ” ඔහු ඔලුවේ අත තියාගෙන මං දිහා අනුකම්පාවෙන් බැලුවා.
“හිටපං........හිටපං......... ලොරියෙ පාන් රාත්තලක් ඉතුරු වෙලා ඇති....... අද මගේ උපන් දිනේ...... පිනක් කර ගන්ඩත් එපැයි. මං ඒක උඹට දීලම යන්නං.......... ” මට මගේ කන් අදහා ගන්නත් බෑ. මං කෙඳිරි ගෑවා. නගුට වැනුවා. බිම දිගාවෙලා මිනිස්සු වඳිනවා වගේ අත් දෙකෙන් එයාට සෙනේ පෑවා....... ඇති....... ඇති........ හොඳටෝම ඇති........ පාන් රාත්තලක් හොඳටෝම ඇති. මුදලාලි ලොරියට එබුණා. පාන් ගොඩියත් අරන් මං දිහාට හැරුණා. පාන් ගෙඩියේ සුවඳ නාහේ දිගේ ආමාශෙටම ගමන් කළා.
“මුදලාලි පාන් රාත්තල් දෙකක් දෙන්ඩ........ ” හදිසියේම එතනට ආව මිනිහගේ කටහඬින් මම ගැස්සිලා ගියා.
“පාන් රාත්තල් දෙකක් නෑ......... ”
“අයියෝ......... එකද තියෙන්නේ.......... එකක් නම් මදි........ ම්.......ම්..... කමක් නෑ ඕක දෙන්න. ” මුදලාලි බර කල්පනාවකින් වගේ පාන් රාත්තල ෂොපින් උරේකට දාලා ඒ මිනිහා අතට දුන්නා.
“මොනා කරන්ඩද බන්?......... එයා මගේ හොඳම කස්ටමර් කෙනෙක්.......... උඹේ අවාසනාව...... එහෙම කියපු චූන් පාන් මුදලාලි කෑම තට්ටු ටික පිහදාලා කුඩු ටික පාරට දාලා යන්න ගියා. මහ පොළොවේ රස්නේ ගානකට නොගෙනම මම ඒ කුඩු ටික වැලිත් එක්ක කලවම් වන විදිහටම බස බස ගාලා ගහලා දාලා ආපසු හැරිලා ආපු ගමන් මාර්ගය දිහා තෝන්තුවාවෙන් වගේ බලා ගෙන උන්නා.

Comments
Post a Comment