සකි

සකි
සෙවනැල්ලක් වගේ ඔබ මා   පසුපස්සේ
දිවියේ අඩක් ලෙස රැඳුනයි හිත   අස්සේ
ලාබෝ අලාබෝ ළඟ බිරිඳත්      ගැස්සේ
එනමුදු නිහඬවම ඔබ අග හිග   වැස්සේ

රෝහල බසය බැංකුව ළඟ     තෙරපෙද්දී 
ඔබ හිරවෙලා උන්නා නොබැනම     උරදී
පැතුමන් පොදි ලෙහීවිසිරී          පැරදෙද්දී 
ඔබ පමණකිය ආවේ පසුපස            ඇද්දී

කුස්සියෙ අඩු පාඩු ලියවුණ         ලැයිස්තුව
අම්මගෙ බෙහෙත් සින්නක්කර     සීට්ටුව
පොඩි පැටවුන්ගෙ දුප්පත් අයැදුම් ගොනුව
ඔබ සන්නතකව තිබුණා බෝ කල්   නතුව

පඩිපත ලැබෙන දා මල් මල්           හිනාවයි
දහසක් යෝජනා දුන්හිඳ වී            ගැලුවයි
දවසෙන් දෙකෙන් මොනරුන් ඉගිලෙනු සත්තයි
එනමුදු ඔබ ම  හිත ළඟ තනියට    නවතියි
නම් ගම් නිනව් නැති දුර ඇමතුම්                අංක
පොඩි පොඩි තුංඩු වටනේදැයි         නොමදැනම
නොබැලූ හීන ලොතරැයි ගැබ              පතුලේ ම
හංගාගෙන සකිය ඔබ පිම්බුන                  තරම

අපටත් ඉරක් හෙට පායනු ඇතිය                සකී
ඔබ පුරවමියරන්මසු කහවනින්                  නිතී
පොතු ගැලවුණත් මාහට පෙම් බඳින           සකී
පසුම්බියේ දුක ඉවසන් ඉමුය                          අපී













Comments