====සිසුවා ඇසූ පැනය====
සුලකළ වදන් මුවගින්
නිති උසුරාන
සාහිත රසය අම පල ලෙස
බෙදන සඳ
විස්මිත ලෙසින් බලමින්
මුව විවර කොට
එකල-මෙකල වන හැටි
මා සිසු පිරිස
නිති උසුරාන
සාහිත රසය අම පල ලෙස
බෙදන සඳ
විස්මිත ලෙසින් බලමින්
මුව විවර කොට
එකල-මෙකල වන හැටි
මා සිසු පිරිස
මහ මෙර ගැන පවසන විට
මේ සැවොම
රිටිගල කඳු සිරස දෙස
හනිකට බලන
මේ සැවොම
රිටිගල කඳු සිරස දෙස
හනිකට බලන
සඳ වත උපමාව ළඟ
නවතින සැනින
උනුනගෙ මුහුණ දෙස බලමින්
වෙති පුදුම
නවතින සැනින
උනුනගෙ මුහුණ දෙස බලමින්
වෙති පුදුම
'කිරි සයුරක් ' වගේ උපමාවෙන් සොබන
රස ගන්වන සඳෙහි සිසුවෙක් ඇසි මෙලෙස
රස ගන්වන සඳෙහි සිසුවෙක් ඇසි මෙලෙස
"රස කර
බොන්න සැමට ම බඩගිනි බැවින
ගුරු තුම, කියනු මැන කොයි වෙ-ද කිරි සයුර"
ගුරු තුම, කියනු මැන කොයි වෙ-ද කිරි සයුර"
නෙලුඹු ඇට කාව්‍ය සංග්‍රහය -නිමල් උඩගෙදර
Comments
Post a Comment