=====දූලි අංශුව=======

මල් සුවඳ අවුදින්
කැන්දයි මා උයන වෙත
එහි වැද දෑත් විහිදා
උදා සුළඟත් මල් සුවඳත්
එකට මුසු කොට උරා බොමි නාස් පුටගින්
ළය පුම්බා ආඩම්බරයෙන්
පිරී යයි අභ්‍යන්තරය නෙක මල් සුවඳින්
ජීවිතය පිනා යන......
එහෙත් එහි අස්සකින්
වද දෙන දූලි අංශුවක්
රොස් කරයි මා සිත.
අසරණ වූ දූලි අංශුව
සෙමින් මුදු ලෙසින්
ඇසෙයි කොඳුරනු මෙසේ
‘‘කමා කළ මැන ස්වාමනි මට
ඔබට වද දෙන වරද කරුවන
සිතක් මා ‍වෙත නොවී කිසි දින
රෝස පඳුරක පාමුලෙහි රැඳි
පොහොර හා දියවරින් සරු වූ
පස්පිඩක් විය පෙරදාක මා.....
මා ගතෙහි සාරය දනට දී
හදා වැඩුවෙමි බෝම සෙනෙහින්
ලොවට හිනැහෙන එරන් රෝස
කෙමෙන් වියැකී ගොසින්
වුණෙමි මා  දූලි අංශුව
රඳා ඉන්නට තැනක් නොමැතිව
 ඉබාගාතේ ගසාගෙන යන‘‘
                         නිමල් උඩගෙදර
                                      2019.12.05

Comments