===මහ රෑ වවැස්ස=====


===මහ රෑ වවැස්ස=====
ඉඩෝරේ පිරිපත
නිවාලන
වැසි ඇවිත් මහ රෑ
අලුත සෙවිලි කළ
පොල් අතු වහල
නොපීරූ කොණ්ඩයක්ව
තිබුණි ගිනියම් දවාලෙහි
නැවුම් පොල් අතු වහල
පීරමින් හෙමිහිට
රූරාහැලෙන වැස්සෙහි
ගීය ඇහෙනවද සොඳුර ?
ඉඩෝරෙන් පුරන් වූ
මහද කිරිවද්දන්න
මගෙ පැලට නුඹ කැන්දන් ආ
මහ රෑම
බලාපං ඇද හැලෙන
සොඳුරු මංගල වැස්ස
සොඳුර යමු
පිල් කඩට
අඳුරෙ වුව බලමු අපි
ඇද හැලෙන මහ වැස්ස
ගිනියම් වායු තට්ටුව
හෙමි හෙමින් නිවමින්
සම්-මස්-ඇට-ඇට මිඳුලු
සිහිලසින් සිප ගනී
නොපායන මුත් රැයෙහි
සොඳුරු දේදුනු
නැගෙන විදුලියක රැසින්
බලමි නුඹෙ නෙත් කැල්ම
ඔබේ හද ගැහෙන
රාවය ම
මට ඇසෙයි
අර නැවුම් වැස්සෙන්ද
නැවුම් පොළොවෙන් නැඟෙන
පුසුඹ අරගෙන සෙමෙන්
ඔබ දෙතොල් තවරන්න
ඉඩ දියන් මට සොඳුර
හෙට උදෑසන
ඇවිද යමු අපි
නිවුන ගහ කොළ අතර
බලමු ඉතිරිව තිබෙදැයි
ගහ කොළ අතර
නැවුම් බිම මත
වේදනාවක මතක.
නෙලුඹු ඇට කාව්‍ය සංග්‍රහය
නිමල් උඩගෙදර

Comments